වෙලේ සුදාගේ මව අත්අඩංගුවට

මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ මව සහ ඥාති සහෝදරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී වැල්ලවත්ත ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20ක් සොයාගෙන තිබේ. සැකකාරිය සහ සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අධිකරණය හමුවේ වරදකරු වූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට පසුගිය වසරේ මරණ දඬුවම නියමවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top