හම්බන්තොට වරාය අවට විරෝධතා / පෙලපාලි තහනම්

අද දිනයේ (07දා) හම්බන්තොට යෝජිත කර්මාන්ත පුරය හා පරිපාලන සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට. තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර අද දිනයේ පැවැත්වීමට සැලසුම්කර ඇති උද්ගෝෂණ ව්‍යාපාර තුළින් ප්‍රදේශයේ මහජන සාමය කඩවී කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වේයැයි පොලිසිය ප්‍රකාශ තිබේ.

එමෙන්ම මේවනවිට හම්බන්තොට ආශ්‍රිත පොලිස්ථානයන්හි පොලිස් නිළධාරීන් හම්බන්තොටට කැදවා තීබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top