තාජුඩීන් ඝාතනය : ගමන් කළ රථයේ තවත් පුද්ගලයකු සිටි බවට අනාවරණයවේ

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දීන එම මෝටර් රථයේ පිටුපස අසුනේ තවත් පුද්ගලයෙකු සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා නියෝග ‍කර තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපති සුමිත් පෙරේරාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බවත් එම ප්‍රකාශය ලබාගෙන එය අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව මෙම ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 19 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග ‍කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top