SRILANKAN NEWS

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි..

2016 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අද උදෑසන අන්තර්ජාලයට මුදාහරින ලදී. 2016 උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 2 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වු අතර, ඊට පෙනී සිටි මුළු අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්නය.

විභාග ප්‍රතිපල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දුරකතන අංකවලට ඇමතුම් කළ හැකි වේ.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිපල ශාඛාවේ 0112 784 208 , 0112 784 537, 0113 188 350, 0113 140 314 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද එම තොරතුරු විමසිය හැක.

අදාළ ප්‍රතිඵල වලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ නිසල් පුන්සර, භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරි යන සිසු සිසුවියන්ට විසින් ලබා ගෙන ඇත.

වාණිජ විෂය ධාරාවෙන් පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ සිසුවායි. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉන්දීවර් ගවරම්මන සිසුවිය කලා විෂයෙන් දිවයිනේ පළමු ස්ථානයට පත්ව සිටියි.

ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ යාපනය ස්කදන්දවාරෝදය විද්‍යාලයේ කනකසුන්දරම් ජතුර්සජාන් සිසුවා විසින් වන අතර ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවේ ප්‍රථමයා වී ඇත්තේ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ මලිති ශෂිකලා දිල්රංගි සිසුවියයි.