SRILANKAN NEWS

විදෙස් විනිසුරු සහභාගිත්වය අවශ්‍යයි නැතිනම් පරීක්‍ෂණවලින් වැඩක් නැහැ – දෙ.ජා.ස.

ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වයක් නැති යුද අපරාධ පරීක්‍ෂණවලින් කිසිඳු ඵලක් නැහැ, දෙමළ ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජනතාව ද අභ්‍යන්තර අධිකරණ ක්‍රමය කෙරෙහි විශ්වාසයක් තබා නැත. ඔවුන්ද ජාත්‍යන්තර විනිසුරුවරුන් ඇතුලත් මිශ්‍ර යාන්ත්‍රණයක් ඉල්ලා තිබේ. සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකායේ වාර්තාවෙහි මේ බව සඳහන් කර තිබේ. එම වාර්තාව දෙමළ ජාතික සන්ධානය සම්පූර්ණයෙන් පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

ඉකුත් වාර්තාව සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ.

දෙමළ ජනතාවට පමණක් නොව දකුණේ ජනතාවටත් දේශිය විනිසුරුන් ගැන විශ්වාසයක් නැහැ, ජාත්‍යන්තර සහභාගිත්වයක් ඔවුන්ද අපේක්‍ෂා කරනවා. පරීක්‍ෂණ යාන්ත්‍රණයට දෙමළ භාෂාව දන්නා විනිසුරුවරුන් ද ඇතුලත් කළ යුතු යැයි දෙමළ ජනතාව ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේ යෝජනාවෙහි සඳහන් අයුරින් සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකායේ වාර්තාවෙහි සඳහන් කළ අයුරින් මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවා පරීක්‍ෂණ කටයුතු සිදු කළ යුතුයි. ඒ සඳහා අපි දිගටම බලපෑම් කරන්නෙමු යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.