බලගතු ශ්රී ලංකාවක්, අලුත් ශ්රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ. ශක්තිමත් ස්ථීර අනාගතයක් මෙතැනින් ආරම්භ කරනවා. තිරසර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන්නා යෝධ සංවර්ධන සංග්රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකශ කරයි.
දැවැන්ත කර්මාන්ත සංවර්ධන කලාපයක් ක්රියාත්මක කෙරෙන ශ්රී ලංකා- චීන සංවර්ධන කලාපය ඊයේ (07) හම්බන්තොට දී ආරම්භ කරන උත්සව අවස්ථාවට සහභාගීවෙමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ ය.
එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපතිතුවරයාගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් හම්බන්තොටින් පටන් ගන්නවා. අපි හම්බන්තොට වරාය ගැන කතා කළා. එත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වරයා හදුවා. ආයෝජකයෝ එයි කියලා හිතුවා. ඒත් ඒක සිදු වුණේ නෑ.
මේ ප්රදේශයකට ආයෝජ කර්මාන්ත ලබුණේ නෑ. වරායට නැව් භාණ්ඩ තිබුණේ නෑ. 2014 දී රුපියල් මිලියන 983ක අලාභයක් ලබාගත්තා.මේක අලාභ ලැබුවා. අපිට ණය ගෙවන්නත් තිබෙනවා. ණය ගෙවන්නත් ශක්තිය නෑ. ලාභ ලබාගන්න ශක්තියක් නෑ. අර්බුධයක හිටියේ. දරුවයි මවයි මරෙන්න හිටියේ. ගතයුතු පියවර සාකච්ඡා කළා. ණය අවලංගු කරන්න බෑ.
චීනයට ගියා. චීනයට ගිහින්,මේ ගැන කතා කළා. මේ ගැන විශේෂ අවධානයක් ඇති කළා. මේ ප්රදේශයට ආර්ථිකයක් ලබාදිය යුතුයි. විශාල කර්මාන්තකරණයක් කළ යුතුයි. ඒ සඳහා කර්මාන්තශාලා 2500ක් පමණ වුවමනායි. අපි මූලික වශයෙන් ඒකතු වෙල, ආර්ථික කොමිටියේ මේ ගැන සකච්ඡා කළා. උවමනා ඉඩම් තියෙනවද කියා ඇසුවා. ඒ අනුව වැඩකටයුතු අරම්භ කරලා, අපි ඒ අනුව එකඟවෙලා වැඩකටයුතු පටන් ගත්තා. චීන ආණ්ඩුව සමගම් දෙකක් නම් කළා. එදා ගිවිසුමක් අත්සන් කළා, මේක පටන් ගත්තේ 2014 සැප්තැම්බර් මාසයේ දී. කර්මාන්තකරණය වුවමනයි කියලා පෙණුනේ එතැනදී බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment