හම්බන්තොට වාරය සහ ඉඩම් විකිණීම ගැන අනුර විවාදයක් ඉල්ලයි

හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට පැවරීම සම්බන්ධයෙන් එළඹ ඇති සහ එළඹීමට නියමිත ගිවිසුම් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නායක, ජනතා විමුකිති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

හෙට (10) සහ අනිද්දා (11) දෙදින තුළ පාර්ලිමේන්තුව නොපැවැත්වීමට සූදාම්වන බැවින් වහාම එම දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවා මෙය ඉතාමත් ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් බැවින්එම විවාදය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් එහිදී අනුර දිසානායක මහතා සඳහන් කර ඇත.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද මෙම වාරයේ 65%ක කොටසක් චීනයට පැවරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබූ නමුත් එය හෝ වත්මන් ගිවිසුම් කිසිවකුත් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බැවින් වාහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව එහිදී අනුර දිසානායක මහතාවැඩිදුරටත්  අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top