චීන සංවර්ධන ව්‍යාපෘතිය පොළොන්නරුවට ලබා දෙන්න – ජනපති

චීන සංවර්ධන ව්‍යාපෘති සියල්ල පොළොන්නරුවට ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපලා සිරිසේන මහතා ඉල්ලා තිබේ.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (8) පැවැති ‘තෙවසරක ඇරඹුම’ නම් සිය දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

චීනෙට කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉඩම් ලබා දෙනවා කියලා දැන් හම්බන්තොට ලොකු උද්ඝෝෂණ සිද්ධ වෙනවා. මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හම්බන්තොට අය මේවාට විරුද්ධ නම් කරුණාකරලා ඒ ඔක්කොම කර්මාන්ත ශාලා ටික අපේ පොළොන්නරුවට ලබා දෙන්න යැයි ජනාධිපතිවරයා පවසා තිබේ.

සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට පොළොන්නරුවේ ඉඩම් ලබාදීමට තමන් සූදානම් බවද හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top