හම්බන්තොට ගිවිසුම හොර ගිවිසුමක් නොවේ – අගමැති

හම්බන්තොට සංවර්ධනයට අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බවත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය ගිවිසුම,තුනම  සභාවට ඉදිරිපත් කළ විට  වාද කිරීමට හැකියාව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

  අග්‍රාමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට වරාය ගැටළුව සහ ගිවිසුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ස්ථාවර නියෝග 23(02)  යටතේ විමසූ පැනයකට පිළිතුරු  ලබාදෙමිනි.

චීන රජයට ස්තූතිවන්ත වෙනවට මේ ගත් පියවර සම්බන්ධයෙන්. වරාය ගිවිසුම,තුනම මේ සභාවට ඉදිරිපත් කළාම වාද කරන්න පුළුවන්. කොළඹ පටන් ගත්තේ පුද්ගලික සමාගමකටයි.පස්සේ බණ්ඩාරනායක මැතිතුමා ජනසතු කරලා ආණ්ඩුවට ගත්තා. මට කියන්න මොකක්ද ඔබතුමාලා චීනයට ගිහින් කතා කළේ. මාසයකට පෙර චීනයට ගියා. මට කෑ ගහනවා. හිටපු ජනාධිපතිතුමා හොඳයි කිව්වා. මහින්ද රාජපක්ෂ කරනවනම් හොඳයි,මෛත්‍රිපාල ජනාධිපතිතුමා කරනවා නම් වැරදි. මේක ඊර්ෂියාවනේ. ඔබතුමාලා යෝජනාව ගේන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top