පළාත් පාලන මැතිවරණය කොට්‌ඨාස ක්‍රමයට – ෆයිසර් මුස්‌තාපා

ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්‌ඨාස ක්‍රමයට පැවැත්වීමට සියලුම පක්‌ෂ නායකයන් ඊයේ (09 දා) එකඟ වූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (09) පළාත් පාලන අමාත්‍යාංශයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

පළාත් පාලන මැතිවරණය සමානුපාතික ක්‍රමයට පැවැත්වීම සදහා කිසිඳු දේශපාලන පක්ෂයක එකඟතාවයක් නොමැති බවත්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව සීමා නීර්ණය කමිටුවේ වාර්තාව එහි සාමාජිකයන් පස්‌ දෙනාගේම අත්සන සහිතව තමාට මේ මස 17 වැනිදා භාරදීමට කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතා එකඟ වූ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිචදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top