SRILANKAN NEWS

විමල් වීරවංශ ලබන 24 වනදා තෙක් රිමාන්ඩ්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අද දවල් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල් එච් සමන්ත මහතා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

විමල් වීරවංශ අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

විමල් විරවංශ මහතා ඉදිකිරීම් ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද (9) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපයත් කිරීමට නියමිත බවද වාර්තාවේ.