මැතිවරණය ප්‍රමාදවීම ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් හානියක්‌ – මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් හානියක්‌ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඊයේ (9) දින මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීම ගැන මැතිවරණ කොමිසමට විවිද පාර්ශවය චෝදනා කරමින් සිටින බවත්, මැතිවරණය පැවැත්වීමේ බලයක් තමන්ට ලබාදී නැති බවද පෙන්වාදී තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ බලය විෂය භාර ඇමැතිවරයාට නීතියෙන්ම පවරා ඇතැයිද එම නීති සංශෝධනය වී පාර්ලිමේන්තුවේ අනුමත වීමෙන් පසුව ඕනෑම වේලාවක මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම් බවත්, ඉක්‌මනින් ඡන්දය පවත්වා ජනතාවගේ සර්වජන ඡන්ද බලය ආරක්‌ෂා කිරීමට පියවර ගත යුතු බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top