මෝදිගේ දැන්වීම් පුවරු ඉවත් කරන්නැයි ඉල්ලා කොංග්‍රස් පක්‍ෂයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ඉන්දියාවේ උත්ත්‍රා, ගෝවා, පන්ජාබ්, උත්‍රා ඛන්ඩා, සහ මනිප්පූර් යන ප්‍රාන්තවල පළාත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර, කොංග්‍රස් පක්‍ෂයේ සමස්ත ඉන්දිය ලේකම් කේ.සී. මිට්ටාල් විසින් එරට මැතිවරණය කොමිසම වෙත මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ නිතියට අනුව ඉකුත් ප්‍රාන්තවල මහ ඇමැතිවරුන්ගේ දැන්වීම් පුවරු වහාම ඉවත් කර ඇති නමුත් ඉන්දිය අගමැති මෝදි මහතාගේ ඡායාරූප සහිත දැන්වීම් පුවරු පමණක් ප්‍රදර්ශනයට තබා ඇති බවත්, එම දැන්වීම් පුවරු සියල්ල වහාම ඉවත් කිරීමට මැතිවරණ කොමිසම කඩිනමින් පියවර ගත යුතු බව කොංග්‍රස් පක්‍ෂය ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top