නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ කටයුතුවලට දෙමළ ජාතික සන්ධානය සහාය ලබා දෙන බව පවසා තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන පක්‍ෂ නායකයන් පසුගිය සතියේ රැස්වී සාකච්ඡා කළ අතර, එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා මේ සම්බන්‍ධයෙන් ගන්නා ස්ථාවරය පිළිගැනීමට තීරණය කර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටතුල පවතින ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙනු ඇති බව දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කරන බවත්, වත්මන් රජය ක්‍රියාත්මක කරන සංහිදියා කටයුතුවලට සහාය ලබාදීමට ද සූදානම් බව ද දෙමළ ජාතික සන්ධානය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top