ඇමරිකානු තානාපති කාර්‍යාල නිළධාරීන් සහ සම්බන්‍ධන් අතර හමුවක්..

ඇමරිකානු තානාපති කාර්‍යාල නිළධාරීන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා අතර ඊයේ (9) දින සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. එම සාකච්ඡා හමුවට සම්බන්‍ධන් මහතා සමඟ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ද සභාගිවූ බව වාර්තාවේ.

එහිදී ශ්‍රී ලංකාවේ සියළු ජනතාවම සතුටින් ජීවත්විය හැකි සහජීවනය සහ සාමය පිළිබඳ සිය ස්ථාවරය හා දැක්ම ගැන සම්බන්‍ධන් මහතා කරුණු පැහැදිළි කළ බව ශ්‍රී ලංකාව සඳහා වූ ඇමරිකානු තානාපති අතුල් කසාෆ් මහතා සඳහන් කර තිබේ.

දින කිහිපයකට පෙර අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ද ඇමරිකානු තානාපති කාර්‍යාලයේ නිළධාරීන් හමුවී සාකච්ඡා කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top