SRILANKAN NEWS

සවූදි අරාබියේ නියෝජිතයන් කණ්ඩායමක් සහ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා අතර හමුවක්..

සෞදි අරාබියේ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ විශේෂ උපදේශක අචාර්ය අබ්දුල් අසීස් බින් අබ්දුල්ලාහ් අල් අමර් මහතා (Dr. Abdul Aziz Bin Abdullah Al Ammar) ඇතුළු එරට විශේෂ දූත කණ්ඩායමක් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච් . අබ්දුල් හලීම් මැතුතිමා හමු විය.

මෙම විශේෂ හමුව අමාත්‍යාංශයේ දී පැවැති අතර එහි දී දෙරටේ ආර්ථික , දේශපාලනික හා ආගමික සහයෝගීතාවය පිළිබඳ අදහස් හුවමරු කරගත් බව වාර්තාවේ.

මෙහි දී අමාත්‍යවරයා , මෙරට මුස්ලිම් ජනතාව ඉදිරියේ ඇති අභියෝග හා ඔවුන් වර්තමානයේ මුහුණ පා ඇති තත්ත්වයන් පිළිබඳ සෞදි නියෝජිතයන් දැනුවත් කළ අතර, ඉදිරියේ මෙරට දී පැවැත්වීමට යෝජීත ඉස්ලාමීය සමුළුව සම්බන්ධවත් දැනට ලබාදෙනු ලබන හජ් කෝටාව තවදුරටත් වැඩිකර ගැනීම සම්බන්ධවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තාවේ.