හම්බන්තොට පහරදීම ගැන අපක්‍ෂපාති පරීක්‍ෂණයක් අවශ්‍යයි – මහින්ද රාජපක්‍ෂ

හම්බන්තොට පැවැති සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වූ මහා සංඝරත්නයට හා සාමාන්‍ය වැසියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධව සාධාරණ හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සත්‍යග්‍රහයට පහර දුන් මැරයන් නිදැල්ලේ සිටියදී පහරකෑමට ලක්‌වූ අය අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ කළේ කුමක නීතියකට අනුවදැයි හෙතෙම ප්‍රශ්න කර තිබේ. මහා සංඝරත්නයට සිවුරු ගලවා පහර දිය යුතු බවට නියෝග කළ පුද්ගලයා කවුදැයි පරීක්‍ෂණවලින් පසු වහා රටට හෙළි කළ යුතු බව ද හෙතෙම ඉල්ලා තිබේ.

ඉකුත් සිද්ධියෙන් පසු මගේ තංගල්ල නිවසේ ආරක්‍ෂාවට හිටිය පොලිස්‌ නිලධාරීන් 35 දෙනා හදිසියේ ඉවත් කර ඇති බවත්, ඉවත් කළ ආරක්‍ෂාව යළි ලබා දෙන්නැයි තමන්ට රජයෙන් ඉල්ලා නොසිටින බවත්, මෙය තමාගෙන් පලිගැනීමේ ක්‍රියාවක් බවද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top