SRILANKAN NEWS

විමල්ව අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට බාධාවක් නිසා – ජාතික නිදහස් පෙරමුණ

විමල් වීරවංශ මහතා යහපාලන ආණ්ඩුවට විශාල බාධාවක් වී ඇති හෙයින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසයි.

අද (11) පිටකෝට්ටේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේදී ඊට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී අැති ආකාරයට, විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලබුවේද උපදෙස් ලබා දීමේ චෝදනාවක් යටතේ බැවින් තම ආණ්ඩුවක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතාද බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන බව හෙතෙම පවසා තිබේ.

විමල් වීරවංශ මහතා යහපාලන ආණ්ඩුවට විශාල බාධාවක් වී ඇති, ජනවාරි 22 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වීමට සූදානම් කර තිබෙන පක්ෂ සමුළුව සම්බන්ධයෙන් බියට පත්ව සිටින ආණ්ඩුව ව්‍යාජ චෝදනා ඉදිරිපත්කර විමල් වීරවංශ මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

පසුගිය රජයේ සමයේදී වීරවංශ මහතා විසින් ඉංජිනේරු, ඉදිකිරීම්, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය භාර ගන්නා විට එය දැඩි පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබූ බවත් අමාත්‍යාංශය නිසි මගට ගන්නා ලද්දේ විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව බවද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පවසා තිබේ.