INDIAN NEWS

මෝදිට එරෙහි නඩුව අධිකරණයෙන් ඉවතට..

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට එරෙහිව ගොනු කළ නඩුව අධිකරණය ඉවත්කර තිබේ. මෝදි මහතා ගුජරාත් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ බිර්ලා, සහ සහාරා සමාගම්වලින් අල්ලස් ලබාගත් බවට චෝදනා කර නරේන්ද්‍ර මෝදිට සහ අනෙකුත් දේශපාලන පක්‍ෂ නායකයන්ට එරෙහිව නඩු ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුවක් පවරා තිබුණි.

අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් ඉදිරියේ විභාගයට ගත් අතර, දෙපාර්ශවයේ කරුණු සොයා බැලූ විනිසුරුවරුන් ඉදිරිපත් කර ඇති සාක්‍ෂි පිළිගත නොහැකි බැවින් එම සාක්‍ෂි යටතේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවැරිය නොහැකි බවද පවසා තිබේ.

තවද මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට බාධාක් විය හැකි බවද පවසා ඉකුත් නඩුව ඉවත්කරන ලෙස විනිසුරුවරුන් නියෝග කර තිබේ.