SRILANKAN NEWS

රොෂාන් මහානාමගෙන් වව්නියාවට පාසලක්

හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු හා ජාත්‍යන්තර තරග තීරකවරයකු ලෙස කටයුතු  කරන රොෂාන් මහානාම මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් යුතුව වවුනියාව බෝගස්වැව වෙහරතැන්න නැවත පදිංචිකළ ගම්මානයේ අලුතෙන් ඉදිකරන ලද පාසල් ගොඩනැගිල්ල රොෂාන් මහානාම මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (14) විවෘත කෙරුණි.

රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැය කරමින් සෑදු පාසල් ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු වූ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාද සහභාගී විය.

මෙසේ ඉදි වූ විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි.