SRILANKAN NEWS

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට තාක්‍ෂණික සහාය ලබා දෙනවා – පොදු රාජ්‍ය මණ්ඩලය

මෙරට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා තාක්‍ෂණික සහාය ලබාදීමට සූදානම් බව පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යාවේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්රිසියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය හමුවී කළ සාකච්ඡාවේදී ඇය මේ බව පවසා තිබේ.

වගවීම හා ප්‍රතිසන්ධානය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය ගැන එහිදී ඇමැතිවරයා කරුණු පැහැදිළි කළ අතර, සුළු ජාතීන්ගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම්වරිය එහිදී අවධාරණය කර තිබේ.