ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට සිදුවෙයි.. – දෙ.ජා.ස.

දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ලබාදීමේ උත්සහය රජය අත්හැරියේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට සිදුවනු ඇති බව දෙමළ ජාතික සන්ධානය අනතුරු අඟවා තිබේ.

වැඩි බලය බෙදීමක් ගැන රජය අවධානය යොමු කළ යුතු බව පවසා තිබේ. උතුර නැගෙනහිර ඒකාබද්ධ කර ෆෙඩරැල් ක්‍රිමයක් යටතේ බලය බෙදීම තුලින් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදිය යුතුයි යන්න ජනතාවගේ අපේක්‍ෂව බව දෙමළ ජාතික සන්ධානයේ දර්මලිංගම් සිද්ධාර්තන් මහතා පවසා තිබේ.

13 වන සංශෝධනය සම්පූර්ණ බලය බෙදීමේ විසඳුමක් ලෙස පිළිගත නොහැකි බවත්, ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කිරීමේ කටයුත්ත රජය අත්හැරියේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කටයුතුවලට දෙ.ජා.ස. තවඳුරටත් සහාය ලබා නොදෙන බවද හෙතෙම පවසා තිබේ.

මේ අතර, ෆෙඩරැල් පාලන ක්‍රමයකට අනුමැතිය නොදෙන බව මෑතකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළිවම පවසා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top