SRILANKAN NEWS

මුස්ලිම් කොංග්‍රසය විනාශ කිරීමට ඇතමුන් උත්සහ කරනවා – නැගෙනහිර මහ ඇමැති

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විනාශ කිරීමට ඇතමුන් උත්සහ කරන බව නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහ්මද් මහතා චෝදනා කර තිබේ.

විදේශ බලවේගවල සහාය ඇතිව මෙලෙස විනාශ කර දැමීමට උත්සහ කරමින් සිටින බව හෙතෙම පවසා තිබේ. අම්පාර දී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

විදේශ සහ අන්තවාදී බලවේග වෙනුවෙන් කටයුතු කරන ඇතමුන් විසින් මෙලෙස පක්‍ෂය පාවාදීමට තැත් කරන බවත්, ව්‍යාජ ලිපි සකසා එමඟින් පක්‍ෂය එරෙහිව ප්‍රචාරය කරමින් පක්‍ෂය විනාශ කිරීමට උත්හස කරන බව ද හෙතෙම පවසා තිබේ.

තවද, සුළු ජාතිනී එක්ව කටයුතු කිරීම තුලින් ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගත හැකියි යන විශ්වාසය මත මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.