SRILANKAN NEWS

කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කාර්‍යලයට සිංහළ භාෂා නිළධාරින්.. – ජනතාව අතෘප්තිය පළ කරයි..

කිලිනොච්චිය කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට සිංහල භාෂා කාර්ය සහායකයන් දෙදෙනෙකු පත්කර තිබේ.

මෑතකදී අලුතින් පත්කරන ලද තරුණයන් දෙදෙනාට කිසිදු දෙමළ භාෂා දැනුමක් නොමැති අතර, සියයට සීයක්ම දෙමළ භාෂාව කථා කරන ජනතාව සේවය ලබාගන්නා කාර්‍යාලයකට මෙලෙස සිංහල භාෂාව පමණක් දන්නා තරුණයන් දෙදෙනෙකු පත්කර තිබීම ගැන ජනතාව අතෘප්තිය පළ කර තිබේ.

කාර්‍යාල සහායක තනතුර යනු සමාන්‍ය පෙළ සමත්වූ හැකියාවන් සමඟ ලබා දෙන තනතුරකි. කිලිනොච්චියදී දහස් ගණනක තරුණයන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සහිතව රැකියාවක් නොමැතිව සිටිති. දෙපාර්තුමෙන්තු රැසක බොහෝ දෙනෙකු ස්ථීර පත්වීම් නොමැතිව සේවය කරමින් සිටිති. මෙවැනි තත්වයකදි මෙලෙස පත්වීම් දෙකක් ලබාදී තිබීම සම්බන්‍ධයෙන් ජනතාවට යහපාලන රජය කෙරෙහි අතෘප්තියක් ඇති කර තිබේ.

මෙලෙස පත්කරන පුද්ගලයන් අවම වශයෙන් මාස හයක පමණ කාලයක් මෙහි සේවය කරන බවත්, අනතුරුව දකුණට ස්ථාන මාරුවක් ලබා යන බවත්, අවස්ථා ගණනාවක් මෙලෙස සිඳුව ඇති බවද නිළධාරීන් පවසයි. පසුගිය ආණ්ඩු සමයේදී පවා මෙලෙස උතුරේ කාර්‍යාලවලට සිංහළ භාෂා නිළධාරීන්ව පත්කර නොමැති බවත්, වත්මන් ආණ්ඩුව උතුරේ දෙපාර්තුමෙන්තුවල අධික වශයෙන් සිංහල භාෂාව පමණක් දන්නා නිළධාරීන්ව පත්කරමින් සිටින බවද පෙන්වාදී තිබේ.

විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තුමෙන්තුව, දුම්රිය සේවා දෙපාර්තුමෙන්තුව, ආදයම් බදු දෙපාර්තුමෙන්තුව, සුරාබදු දෙපාර්තුමෙන්තුව පටන් දැන් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල දක්වා පැමිණ දකුණේ සිටින සිංහල භාෂාව පමණක් දන්නා තරුණයන්ට උතුරේ දෙපාර්තුමෙන්තුවට මෙලෙස පත්වීම් ලබාදෙන ආකාරයෙන් උතුරේ තරුණයන්ට දකුණේ කාර්‍යාලවල පත්වීම් ලබා දෙන්නේදැයි ජනතාව ප්‍රශ්ණ කර තිබේ.