අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලයට පාර්ලිමෙන්තුව උණුසුම් වෙයි.. සභාව තාවකාලිකව අත්හිටුවයි..

Parliament 01පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත විවාද කර සම්මත කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධය මතු කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරීම කතානායක කරූ ජයසූරිය මහතා සභාව තාවකාලිකව අත් හිටුවන බව අද (11) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

පනත් කෙටුම්පත හෙට දිනත් විවාද  කිරීමෙන් අනතුරුව පෙ.ව. 11.00ට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බවත් ඊට විරෝධය දකවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ්ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, මේ සම්බන්ධ්යෙන් ප්‍රධාන පක්ෂ දෙකක් එකඟතාවයකට පැමිණි බවය.

මේ සම්බන්ධ්යෙන් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙය රජයේ හදිසි කටයුත්තක් ලෙස සළකා කටයුතු කරන බවත්, පක්ෂ නායකයන් ගත් තීරණයක්තමාට වෙනස් කිරීමට නොහැකි බවත් ය.

ඉන් පසු සභා ගර්භය මධ්‍යයට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පැමිණි අතර, කතානායකවරයා ආපසු තම ස්ථානවෙත යන ලෙස උපදෙස් ලබාදෙන ලදී. ඉන් අනතුරුව කතානායකවරයා, සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top