SRILANKAN NEWS

ලොතරැයි පතක මිල යළි 20 වෙයි

2017 අයවැය යට‍තේ ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළඳ එය පැරණි මිල ගණන් යටතේම, එනම් රුපියල් 20 අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලොතරැයි පතක මිල යළි රුපියල් 20 තෙක් අඩු කිරීමට තීරණය කර තිබේ.

ලොතරැයි පතක මිල රුපියල් 30 ක් දක්වා වැඩි කිරීම තුළින් තම කොමිස් අාදායම පහළ යන බවට චෝදනා කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් බැහැර වූ අතර මිල ඉහළ යාම නිසා ලොතරැයි අලෙවියද පහළ යන ලදී.