හෝමාගම වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

පිටිපන ප්‍රදේශයේදී අද (18) ත්‍රිරෝද රථයක් අසල රැඳී සිටී පුද්ගලයෙකුට පස්වරු 12.30 පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තාවේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මීගොඩ, ගාමිනිපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි චමින්ද පෙරේරා නැමැති පුද්ගලයා සිද්ධියෙන් මියගොස් තිබේ.

අද දින හෝමාගම අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට නැවත යමින් සිටියදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top