SRILANKAN NEWS

ඇමරිකන් හඬ ගුවන් විදුලි සේවය අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි..

ඇමරිකන් හඬ (Voice Of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේ ඉදි කිරිමට ඇමරිකා තානාපති කාර්යාලයට බදු දුන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණවිල ඉඩමේ බදු ගිවිසුම අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි අක්කර 410ක පමණ ඉඩම් කොටසක්, “ඇමරිකන් හඬ“ (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබුණි.

අදාළ බදු ගිවිසුම් කාලය අවසන් වීමට පෙර එම සම්ප්‍රේෂණාගාරය වසා දමා අදාළ ඉඩම මෙන්ම එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම් / දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපෙක්ෂා කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් දන්වනු ලැබ තිබූ බව අද (ජන. 18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අදාළ ඉඩමේ බදු ගිවිසුම අවලංගු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබුණි.