නියං තත්ත්වයට සහන සැලසීම ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

එළැඹිය හැකි නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18)  ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

පීඩාවන් අවම කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී හදිසි තීරණ ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ, මහවැලි අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී ජනාධිවරයා උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම නියං තත්ත්වයට මුහුණදීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ මගින් දැනට කි‍්‍රයාත්මක කරන සහ ඉදිරියේදී සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර රටේ ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගනිමින් මෙවන් තත්ත්වයන් අවම කරගැනිම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

දැනට සිඳී ඇති වැව් ප‍්‍රතිසංස්කරණ කිරීම සඳහා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කරමින් එය සුරැකීම සඳහා සියලු ජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද පෙන්වා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top