ත්‍රස්ත මර්ධන පොලිසිය චීනයේ නිශ්පාදනය කළ වේදනා නාශක ස්ප්‍රේ ගහලා තමන්ව වද හිංසා කළ බවට හටිපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයකු පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,
තමන් අවසන් යුද්දයේ භාරවීමෙන් පසු පුනරුත්ථාපන කඳවුරේ සිට ත්‍රස්ත මර්ධන පොලිසිය මාව ප්‍රශ්ණ කිරීම සඳහා කොළඹට රැගෙන ගියා. එහිදී ප්‍රශ්ණ කිරීම්වලට පෙර චීනයේ නිෂ්පාදනය කළ වේදනා නාශක ස්ප්‍රේ ගැහුවා.. ස්ප්‍රේ ගැසීමෙන් සිහි මුර්ජා තත්වයක් ඇතිවීම හේතුවෙන් වද හිංසා කිරිමෙන්, පහරදීමෙන් වේදනාවක් දැනෙන්නේ නැහැ. ස්ප්‍රේ ගැසීමෙන් පසු වදහිංසා කර, පහරදී තම ප්‍රශ්ණ කිරීමේ කටයුතු ආරම්භ කරයි.
ප්‍රශ්ණ කිරීම්වලින් පසු අපිව එතැනින් වෙනත් තැනකට ගෙන ගොස් රඳවා තබයි. ටික වේලාවකින් පසු එම ස්ප්රේවල බලපෑම ටිකෙන් ටික අඩුවන විට ශරීරයේ වේදනාව දැනෙන්ට පටන් ගැනේ. එම ස්ප්රේවල කාලය අවසන්වූ පසු අපට මරණ වේදනාවක් දැනේ, එය ඉතා දරුණු වේදනාවකි.
දැන් මම පුනරුත්ථාපනය ලබා නිදහස්වී සිටින නමුත්, එම වදහිංසා පහරදීම් නිසා අදටත් මම පීඩාවට පත්වී සිටිනාව. දැන්ට මට මහන්සිවී වැඩක් කරන්නට බැහැ, දැඩි උෂ්ණ කාලයට නිවසේ සිටියත් ඇතිවන හිස රදය ඉවසා ගැනීමට නොහැකිව ඔළුව බිත්තියේ ගසා ගැනීමට සිතේ.
එමෙන් හිටපු කොටි සාමාජිකයන් සහ වදහිංසාවට ලක්වූ සියළු දෙනාටම වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදිය යුතුය.
එමඟින් එන්නත් කර තිබීම, විශ ආහාර ලබාදීම සම්බන්ධයෙන් සත්‍යතාවය සොයා ගත හැකි බව ඔහු පවසා තිබේ.
Add Comment