SRILANKAN NEWS

මාරාන්තික උපවාසය කතාව බොරුවක් – ආනන්දි සසිදරන්

තමන් මාරාන්තික උපවාසය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවට ඇතම් වෙබ් අඩවිවල පලවී තිබෙන පුවත අසත්‍ය බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් පවසයි.

අතුරුදහන් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වත්මන් රජය නිසි පිළිතුරක් ලබානොදුන්නහොත්, මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවත්, ලබන 21 වනදා ඇය තම උපවාසය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවට ඇතම් වෙබ් අඩවිවල පුවත් පළ කර තිබුණි.

මේ සම්බන්‍ධයෙන් ඇයගෙන් කළ විමසීමකදී, තමන් උපවාසයක් කරන බවට කිසිඳු මාධ්‍යකට නොපැවැසූ බවත් එම පුවතයෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද පවසා සිටියාය.