නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අවශ්‍ය නැහැ – ආනන්ද සංකරි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අවශ්‍යතාවයක් නැති බව ද්‍රවිඩ විමුක්ති සන්ධානයේ නායක වී. ආනන්ද සංකරි මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව කිසිවිටක ආරාධනා කර නොමැති බවත්, ජනාධිපතිව හමුවූ අවස්ථාවේ අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව තමන් පවසා සිටි බවද සංකරි මහතා පවසයි.

දැනට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු සාර්ථකවිය නොහැකි බවත්, ප්‍රශ්ණ හඳුනා ගැනීම අනීවාර්‍ය බව ද හෙතෙම පෙන්වාදී තිබේ. ප්‍රශ්ණය කුමක්දැයි සොයා එයට විසඳුමක් ලෙස සන්ශෝධන ඉදිරිපත් කළ හැකි බවත්, ක්‍රෝධය ඇති කරන කථාවන් තුරන් කළ යුතු බවද හෙතෙම පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ඇතමුන් ද ක්‍රෝධාත්මක ප්‍රකාශ සිඳුකරන බවත්, එය මැඩපැවැත්වීමට සම්බන්‍ධන් මහතාද අපොහොසත්වී ඇති බව පෙන්වාදී තිබේ. එවැනි ක්‍රෝධාත්මක ප්‍රකාශයන් මර්ධනය නොකර සම්බන්‍ධන් මහතා විසින් සුදුසු විසඳුමක් ඉදිරිපත් කිරීමට ද නොහැකි බව ආනන්ද සංකරි මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top