SRILANKAN NEWS

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීම ගැන සාකච්ඡා කරනවා – සරත් ෆොන්සේකා

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරා දීම සම්බන්ධයෙන් මේවන විට දෙරට අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ.

ඉන්දියාවේ පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා තිබේ.

වරායේ ස්වභාවික තත්ත්වයන් ආරක්ෂා කරලීම පිළිබදව අවධානය යොමු කරමින් චීනයට හා ඉන්දියාවට ශ්‍රි ලංකාවේ වරායන් සම්බන්ධයෙන් සමාන ඉඩක් ලබාදීමක් සිදුකරන බව ද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

තවද අනවශ්‍ය ලෙස වියදම් සිදුකරනු ලැබූ හම්බන්තොට වරයාද චීනයට පවරාදීමට කටයුතු කළ බවත්, එම ගනුදෙනුව ශ්‍රී ලංකාවට වඩා වාසිදායක වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.