ලංකා ඊ නිවුස් කර්තෘට නොතීසි

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මෙලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කළ ඇතැම් පුවත් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නීතීඥවරයෙකු වන මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (19) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top