SRILANKAN NEWS

සියලු දෙනාට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කළ නොහැක – සරත් විජේසූරිය

සියලු දෙනාට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කළ නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත මත නව ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ යුතු බවයි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙම අදහස් පළ කළේය. කෙසේවෙතත් නව ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් රාජ්‍යයක් බිහි නොවන බව ව්‍යවස්ථා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය නවරත්න බණ්ඩාර මහතා සඳහන් කළේය.