ලසන්ත ඝාතනය : බුද්ධි අංශ නිලධාරීන් 63ගේ ගිණුම් පරික්ෂා කිරීමට අවසරයි

lasantha_CIසන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා ඇතුළු බුද්ධි අංශ නිලධාරින් 63 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට ගල්කිස්ස උසාවිය අද(11දා) රහස් පොලීසියට අවසර ලබාදී තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ‍රහස් පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් සැකකාර කන්දේගෙදර ප්‍රියවංශ නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇතුළු 63 දෙනෙකු ආයතන 32ක පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ වාර්තා ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා වීරසිංහ මහත්මිය අවසර ලබාදී තිබේ.

මේ අතර මෙම ඝාතන සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද උසාවියට ගෙනඑනු ලැබුවද ඔහු තවමත් අසනීප තත්ත්වයෙන් සිටි නිසා නඩුව ලබන 25 දක්වා කල්තැබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top