යාපනයේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ 5ක් අත්අඩංගුවට

යාපනයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්වැටිතුරයි ප්‍රදේශයේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබේ.

සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් දහසේ නෝට්ටු හතරක් සහ මුද්‍රණ කටයුතු සඳහා යොදාගත් පරිගණකයක් ද සොයාගෙන තිබේ. වැල්වැටිතුරය ප්‍රදේශයේ පදිංචි 18 ත් 27 අතර පසුවන පුද්ගලයින් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අද දින පුදුකුඩිඉරුප්පු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top