SRILANKAN NEWS

හමුදාව විසින් රැවටීමට ලක්වූ පරවිපාන්චාන් ජනතාව

P3_CIහමුදා යටතේ තිබෙන කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ තිබෙන ජනතාවට අයත් සියළු ඉඩම් නිදහස් කරන ලෙස අවධාරණය කර, ප්‍රදේශවාසීන් ඊයේ බදාදා දින යළි ඉකුත් ප්‍රදේශය භාර හමුදා නිළධාරිවරයා හමුවීමට ගොස් තිබුණි.

ජනතාවගේ ඉඩම්වල රැඳී සිටින හමුදාව ඉවත් කර තම ඉඩම් යළි භාර දෙන්නැයි ප්‍රදේශවාසීන් මීට පෙරදීද උද්ඝෝෂණ රැසක් පවත්වා තිබුණි. එයට අනුව ප්‍රදේශයේ කොටසක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවට කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම් පසුගිය මස පොරොන්දුවී තිබුණි.

කෙසේ නමුත් අනෙකුත් ඉඩම් ද නිදහස් කර තම ඉඩම්වල නැවැත පදිංචිවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශයේ ජනතාව ඊයේ දින ඉකුත් හමුදා නිළධාරිවරයා හමුවීමට ගිය නමුත්, ඉකුත් හමුදා කඳවුරේ හමුදා නිළධාරිවරයා ජනතාව හමුවීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

වසර ගණනාවක් කුලී නිවස්වල, ඥාතීන් හා මිතුරන්ගේ නිවස්වල රැඳී සිටීමෙන් පීඩා රැසකට මුහුණ දෙමින් සිටින බව පවසන පරවිපාන්චාන් ජනතාව මෙම ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියි.

තවද සතියක් තුල තමන්ට සාධාරණීය විසඳුමක් නොලැබුණේ නම් ලබන සතියේ සිට තම ඉඩම් නිදහස් කරන තෙක් කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට තීරණය කර ඇතැයි පවසා තිබේ.