ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ජ.වි.පෙ.

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව පාර්ශ්ව කිහිපයක් මේවන විට පෙන්වා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

හෙතම පවසා සිටින්රනේ රටේ තිබෙන වටිනාම සම්පත් විකුණා මේ මොහොතේ පවතින අර්බුද වලට මුදල් සොයා ගැනීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බවයි.

ත්‍රිකුණාමල වරායේ ඇති වැදගත්කම ශ්‍රී ලංකාව තවමත් හඳුනාගෙන නොමැති බවත් ඉන්දියාව ත්‍රිකුණාමල වරාය සම්බන්ධයෙන් ඉතිහාසය පුරාම ඉතා අවධානයෙන් පසුවූ බවද එතුමා පවසයි.

ත්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු සදහා ඉන්දියාවට පවරා දීමට සාකච්ඡා කෙරෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද ප්‍රකාශ කර තිබිම විහිඑ සහගත තත්ත්වයක් බව  හෙතෙම වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top