කිලිනොච්චිය අක්කරායන් වැවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

කිලිනොච්චිය අක්කරායන් වැවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි කිලිනොච්චිය කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව ඉකුත් වැව් ජලය යටතේ ගොවිතැන් කටවුතුවල නිරතවන ජනතාවගෙන් ඉල්ලා තිබේ.

අක්කරායන් වැවේ යටතේ ගොවිබිම් අක්කර 4500කට ජලය සපයන අතර, වැවේ දකුණු පසින් උරුත්තිරපුරම් ප්‍රදේශයේ අක්කර 1200කට ද ජලය සපයනු ලැබේ. මෙවැනි තත්වයකදී පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස කිලිනොච්චිය කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව ඉල්ලා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩුවී තිබෙන හෙයින් අනෙකුත් වැව්වලින් ගොවි බිම්වලට ජලය සැපයීමට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සැලසුම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top