දෙමළ ජාතික සන්ධානය මෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානයක් පිහිටුවිය යුතුයි – විගනේෂ්වරන්

ලොව වෙසෙන සියළු දෙමළ ජනතාව එක්රැස් කර ජාත්‍යන්තර දෙමළ සංවිධානයක් පිහිටුවීමට කාලය එළඹ ඇති බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඊයේ (22) ඉරිදා දින යාපනයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

දෙමළ කථා කරන ජනතාව අතර සමඟිය ගොඩනැගීමට තෛපොන්කල් පෙරටුකර පියවර ගත යුතුය, පක්‍ෂ කිහිපයක් එක්ව අපි ඇති කරගත් දෙමළ ජාතික සන්ධානය මෙන් ලොව වටා ජීවත්වන දෙමළ කථා කරන සියළු ජනතාවම එක්රැස් කර ජාත්‍යන්තර දෙමළ සංවිධානයක් පිහිටුවීමේ කාලය උදාවී ඇති බව මහ ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top