එක් නඩුවකින් විමල් නිදහස් වෙයි..

එක් නඩුවකින් විමල් වීරවංශ මහතා නිදහස් කර තිබේ. හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා තිබූ අපහාස නඩුවෙන් මෙලෙස නිදහස ලබා තිබේ.

අදාළ නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර විමල් වීරවංශ මහතා එහි නිවැරදිකරු බවට තීන්දු කර තිබුණි. කෙසේ නමුත්, එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිලධාරියා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනයෙන් ද පසුගියදා විමල් වීරවංශ මහතා නිදහස්වී තිබේ.

අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇ‌ත්තේ ඔහු සිරගතකර සිටියදී වීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top