ෆවුසිට එරෙහි නඩුව අප්‍රේල් මස කැඳවයි..

හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාට එරෙහි නඩු ලබන අප්‍රේල් මස විභාග කිරීමට නියමිතය. රජයට අයත් වාහනයක් පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් රජයට රුපියල් දස ලක්ෂයකට අධික අලාභයක් සිදු කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අදාළ නඩුව අද දින විභාගයට ගත් නමුත් ෆවුසි මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඉකුත් නඩුවේ සාක්ෂි විමසීම අප්‍රේල් මස 05 සහ 06 දිනවල සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top