පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක හා නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව ලබන 24 දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද (11) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය  සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මස 09 වැනිදා පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගත කර තිබුණි.

2005 වර්ෂයේ නත්තල් දේව මෙහෙයට සහභාගිවීම සඳහා අධි ආරක්ෂක කලාපයක පිහිටි මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයට පැමිණි අවස්ථාවේ සිදුවූ වෙඩි තැබීමකින් පරරාජසිංහම් මන්ත්‍රිවරයා ඝාතනයට පත්වුණි.

ඉකුත් ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන් සමඟ දෙමළ ජනතාව විමුක්ති කොටි පක්‍ෂයේ හිටපු ජාති සංවිධායක ප්‍රදීප් මාස්ටර් නැමැති එට්වින් සිල්වා, ක්‍රිස්ණා රාජා, හිටපු මන්ත්‍රී ගජන් මාමා නැමැති කනකනායකම්, සහ හමුදා බුද්ධි අංශයේ කටයුතු කළ බව කියන එම්. කලීල් යන සිවිදෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගතකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top