SRILANKAN NEWS

රට දියුණුව කරා රැගෙන යන්නට නම් රටේ ආර්ථික ක්ෂේත්‍රය දෙස බලා කටයුතු කළ යුතුයි – අගමැති

රට දියුණුව කරා රැගෙන යන්නට නම් රටේ ආර්ථික ක්ෂේත්‍රය දෙස බලා කටයුතු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (25) මහරගම තරුණ සේවා සභාවේ පැවැති සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ සමාරම්භක අවස්ථාවට සහභාගිවෙමින් අගමැතිවරයා මේ බව පවසා තිබේ.

2020 වසරේ දී විදේශ ණය ගෙවීම සඳහා පමණක් ඩොලර් මිලියන 400ක් අවශ්‍ය වන බවත් මෙම ණය අනාගත පුරපුර වෙත දායාද කිරීමට තමන් හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවිටෙකත් අඳහස් කරන්නේ නැහැ. මේ වන විට 16%හි පැවැති දළ දේශීය නිෂ්පාදිතය 10%ක් බවට අඩු වී තිබෙනවා. මේ වන විට පවතින තත්ත්වය අනූව ආර්ථික ප්‍රතිසන්ධාන කටයුතු සිදු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව සකස් කරමින් පවතිනවා. රැකියා උත්පාදනය හරහා එළැඹෙන දශක 11/2ක කාලය තුළ වැඩි ආදායමක් ලබාගැනීමට කටයුතු කරනවා. එමෙන් ම සංහිඳියාව ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ද සකස් කරමින් පවතිනවා. රට දියුණුව කරා රැගෙන යන්නට නම් රටේ ආර්ථික ක්ෂේත්‍රය දෙස බලා කටයුතු කළ යුතුයි” යැයි අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.