ARTICLES

අරාජිකත්වයට එරෙහිව දකුණ එක්වෙයි, මුල්ලිවායිකාල්වලට පසුත් උතුර නැගෙනහිර කැඩී වෙන්වී යයි

11824937_745059915639453_2984336447250469843_n2015 ආරම්භයේ ජනාධිපති මැතිවරණයදී කිසිවිටක එක් නොවූ සිංහල දේශපාලකයන් එක් රේඛාවකට එක්විය. පවුල් පාලනයේ, අල්ලස් හා දූෂණය සාමාන්‍ය දෙයක් බවට පත්කර, නීතිය වල පල්ලට දමා පාලනය කළ, කොටින්ව තුරන් කර යුද්දයේ වීරයා යැයි පැවැසූ, වසර නවයක කාලයක් ඒකාධිපති පාලනයක් පවත්වාගෙන ගිය මහින්ද රාජපක්‍ෂව බලයෙන් තෙරපා හැරීමට දේශපාලකයන් එක්වූහ.

ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය යන පක්‍ෂයන් ප්‍රතිපත්තියෙන්ම එකිනෙක වෙනස් පක්‍ෂයන්ය. එලෙසම මුස්ලිම් කොංග්‍රසය, සමස්ථ ලංකා මුස්ලිම් පක්‍ෂය, වාමාංශික පක්‍ෂයන් තම තම යහපතයෙහි වෙනස්වූ පක්‍ෂයන් නමුත් එය සියල්ල තම පොදු ඉලක්කය සඳහා එක්රැස්වුණි. දෙමළ ජාතික සන්ධානය ද අවසානයෙදී මෛත්‍රීට සහය පළ කළේය.

මහින්ද නැමැති ඒකාධිපති පාලකයාව පරාජය කිරීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු දකුණේ වාමාංශික පක්‍ෂ, සිවිල් සමාජ සංවිධාන, බුද්ධිමතුන්, සරසවි සිසුන්, කම්කරු සංගම් පවා ආගම්වාද, ජාතිවාද පක්‍ෂයන් සමඟ පොදු අරමුණක් සඳහා එකඟතාවයකට පැමිණියෝය.

ශ්‍රී ලංකා දේශපාලනයෙහි මෙය අළුත් කරුණක් නොවේ, 1989 – 1993 යන කාලයේදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලනයට එරෙහිව දකුණෙන් කණ්ඩායම් එක්වීමක් සිඳුවුණි. එවිට මහින්ද රාජපක්‍ෂ මහතා ද එම කණ්ඩායමට ප්‍රධාන දායකත්වයක් ලබාදුන්හ. එලෙසම 2005දී කොටි සංවිධානයට එරෙහි යුද්දයේදී ඔවුන්ව තුරන් කළ යුතුයි යන කාරණාව කෙරෙහි දකුණ එක්රැස්වුණි. (යුද්දයකට විරුද්ධ පෙරටුකාමි කණ්ඩායම හැර)

නමුත් මා දන්නා තරමින් නිදහසට පසු දෙමළ පාර්ශවයන්, එය විමුක්ති සංවිධානයන් හෝ අහිංසාවාදීව අරගලය කළ දෙමළ දේශපාලන පක්‍ෂයන් ද ඒකමතික ඉලක්කයක් සඳහා පැහැදිළිව සිත් එකඟතාවයකින් එක්රැස්වීමක් දැකින්නට නැත. (1977දී දෙමළ පක්‍ෂයන් කිහිපයක් එක්ව ඇතිකරගත් දෙමළ විමුක්ති සන්ධානය පසු කාලයේදී කැඩී වෙන්වුණි)

කොටි සංවිධානය තිබූ කාලයේ ඔවුන්ගේ බලපෑම් මත සම්බන්‍ධවූ දෙමළ ජාතික සන්ධානය පමණක් මැතිවරණ කාලයේ සිඳුවන ඇණ කොට ගැනීම්වලින් එහා අද වනතෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නමුත් අදටත් ඇදීගෙන යමින් තිබේ.

දෙමළ ජාතික සන්ධානය පිහිටවූ අවස්ථාවේදී එම සංවිධානයට දෙමළ විමුක්ති සන්ධානය සහ අප්පාතුරයි විනායගමූර්ති මහතාගේ නායකයත්වයෙන් යුතු සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය වැනි පක්‍ෂයන් සන්ධාන ගත නොවන බවට මුරණ්ඩුවිය.

හිටපු මඩකළපු දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම්, සුකුනම් පරරාජසිංගම් යන පිරිස සංවිධාන විසින් පත්කරන ලද සන්ධානයකට එක්වන්නේ කෙසේදැයි දැඩි විරෝධයක් පළ කර තිබුණි. සම්බන්‍ධීකාරවරුන් සමඟ පැවැති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව දෙමළ විමුක්ති සන්ධානය TNA එක්ව සන්ධානගතවීමට එකඟවිය.

එවකට අප්පාතුරයි විනායකමූර්ති මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ කොංග්‍රසයෙහි ලේකම්වරයා ලෙස කුමරකුරුබරන් කටයුතු කළේය. අප්පාතුරයි විනායගමූර්ති සහ කුමරකුරුබරන් යන දෙදෙනාව කුමාර් පොන්නම්බලම් මහතාගේ මරණයෙන් පසු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පක්‍ෂය අත්පත් කරගන්නාතෙක් පොන්නම්බලම් මහත්මිය විසින් එය පාලනය කළාය.

සන්ධානගත නොවන බවට මුරණ්ඩුවූ සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය පසු කාලයේ පැවැති මැතිවරණවලදී ද තමන් පැරණිම විශාල පක්‍ෂයක් බැවින් යාපනයේදී පාපැදි ලකුණින්ම තරඟ කරන බවට මුරණ්ඩුවිය.

නමුත්, ඊ.පි.ඩි.පි. පක්‍ෂය පරාජය කිරීමට නම් ශක්තිමත් සන්ධානයට එක්විය යුතු යැයි සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය බලපෑම් කළ අතර, මියගිය සිවරාම් විනායගමූර්ති මහතාව තර්ජනය කර එකඟතාවය ලබාගත් බවට පසු කාලයේදී දැන ගන්නට ලැබුණි ( මේ සම්බන්‍ධයෙන් විනායගමූර්ති මහතා ද බොහෝ දෙනෙකු වෙත සිවරාම් තමන්ව අගෞරව කළ බවත්, වෙඩි තබන බවට තර්ජනය කළ බව ද පවසා තිබේ)

මේ අතර සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුතු ඊ.පි.ආර.එල්.එෆ්. පක්‍ෂය සහ සෙල්වම් අඩයිකලනාදන් මහතාගේ නායකත්වයෙන් යුතු ටෙලෝ පක්‍ෂයද ප්‍රතික්‍ෂේපයකින් තොරව සන්ධානගතවීමට එකඟවී තිබුණි. (උපකාර ලිපිය 1 පහත බලන්න)

2002 අප්‍රේල් මස 13 වැනි දින කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් ප්‍රථම වතාවට දෙමළ ජාතික සන්ධානය වන්නියේදී හමුවිය. (උපකාර ලිපිය 2 පහත බලන්න) ඉකුත් හමුව ගැන රසවත් තොරතුරක්ද තිබේ. එම හමුවට සහභාගිවූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ආනන්ද සංකරී මහතා සහ දිවංගත ජෝසෆ් පරරාජසිංගම් මහතා රාත්‍රීය ගත කළේ එක් කාමරයකය. එවිට සංගරී මහතා ජෝසෆ් මහතාගෙන් “මල්ලි අපිව මොවුන් මෙහාට ගෙනාවේ අපි සියළු දෙනාවම මෙහි රඳවා තැබීමට නෙමෙයි නේද?“ යැයි බිය සහගතව විමසා සිටි බවට ජෝසෆ් පරරාජසිංගම් මහතා විහිළුක් ලෙස මාධ්‍යවේදී තුරයිරත්නම් වෙත පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ආරම්භයදී කොටින් සෘජුව මැදිහත් නොවූ නමුත්, සිවරාම් ඇතුළු පිරිස විසින් එම උත්සහයේ නිරතවුයේ ඔවුන්ගේ උපදෙස් මතය. දෙමළ ජාතික සන්ධානය පිහිටුවීමේ ඉතිහාසය එයවේ. මෙලෙස පිහිටුවන ලැබූ දෙමළ ජාතික සන්ධානයේ අනාගතය ආර්. සම්බන්‍ධන් මහතාගෙන් පසු කුමක් විය හැකිද යන ප්‍රශ්ණය බොහෝ දෙනෙකු මතු කරමින් සිටියි.

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු පෙරටු කර පොදු අරමුණකින් ලංකාවේ හෝ ඩයස්පෝරාවේදී හෝ දෙමළ පාර්ශවය එක්වී කටයුතු කිරීමට අද වනතෙක් ඉදිරිපත්වී නැත. හිස වෙන්වී යන තත්වයක් ඇතිවුනත් දෙමළ ජනයා එක්රැස්වීමට උත්සහ කරන්නේ නැත.

දැන් නැවැත දකුණ මතභේදයන් පසක දමා එකඟතාවයකට එක්වන ඊළඟ පරිච්ඡේදය පසුගිය ඉරිදා දින ජයග්‍රාහි ලෙස ඉටුකර තිබේ.

ජනවාරි 8 තමන් විසින් දියත් කළ නිහඞ අරගලය නැවැත රාජපක්‍ෂ සතුව යයිද යන බියක් ඉස්මතුවීමෙන් අනතුරුව සියළු දෙනාම සමතයකට පැමිණ පොදු අරමුණක් සඳහා යළි එක්රැස්වී සිටියි. ඉතිහාසයේ කිසි දිනක ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, නව වාමාංශික පෙරමුණ, ඇතුළු ඇතුළු වාමාංශිකයන් අලියා ලකුණින් එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්වී නැත. ඔවුන් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගතවෙමින් සිටියි. කොල්වින් ආර්.ඩි. සිල්වා, එන්.එම්. පෙරේරා, පීටර් කෙනමන් යන පිරිසගේ කාලය පටන් සිඳුවුයේ එයය. පසුගිය ජනාධිපති මැතිවරණයදී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කළ වාමාංශික පක්‍ෂයන් ඉදිරි මහ මැතිවරණයදී යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්වී, එක්සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරඟ කිරීමට නියමිතයි.

තවද ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ වැනි වාමාංශික පෙරමුණේ විකල්ප කණ්ඩායම තමන් අතර ඇති කරගත් එක්සත් වාමාංශික පෙරමුණ ද (ඔවුන් පසුගිය ජනාධිපති මැතිවරණයදී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ කටයුතුවල නිරතවිය) මහ මැතිවරණයදී යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන බවට එක්සත් වාමාංශික පෙරමුණේ නායක ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසා තිබේ.

ජනවාරි 8 වැනි දා ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ පිරිස නැවැත බලයට පැමිණීම වැලක්වීම සඳහා පෙර එක්වූ ආකාරයෙන් නැවැත එක්රැස්වී ඇතයි එක්සත් වාමාංශික පෙරමුණ ප්‍රකාශ කර තිබේ. එක්සත් වාමාංශික පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා කළුතර දිස්ත්‍රික්කයෙන් යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන අතර, ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න සහ රාජා උසවැටකෙහියාව යන පිරිස ජාතික ලැයිස්තුවට පත්කර ඇතයි එක්සත් වාමාංශික පෙරමුණෙ නිවේදනයක සඳහන් කර තිබේ.

එපමණක් නොව මහින්ද රාජපක්‍ෂට එරෙහි සටනට වාමාංශිකයන්, කම්කරු සංගම්, ශිෂ්‍ය සංගම්, බුද්ධිමතුන්, කලාකරුවන්, මානව හිමිකම් ක්‍රියාකරුවන්, මානව හිමිකම් සංවිධාන ඇතුළු සංවිධාන 49ක් යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව තිබේ.

ඩි.එස්. සේනානායක මහතාගේ කාලයේ සිට විශාල පක්‍ෂයක් ලෙස තිබූ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපති මැතිවරණයදී ජනාධිපති අපේක්‍ෂකත්වය හා දැන් අවබෝධතා ගිව්සුමක් මඟින් එක්සත් ජාතික පක්‍ෂයේ අනන්‍යතාවය ද පරිත්‍යාග කර තිබේ. මෙමඟින් යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ තවත් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නියමිතය.

මෛත්‍රී විසින් මහින්දට නාමයෝජනා ලබාදීම පිළිබඳව මතභේද තිබුණත්, එක්සත් නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරුන් වන අනුර ප්‍රයදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ඉකුත් පක්‍ෂයේ බොහෝ පිරිසක් මහින්දට නාමයෝජනා ලබාදිය යුතු යැයි පවසා සිටින විට පක්‍ෂයතුල සිට මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිවක් කළ නොහැක. එමෙන් තමන්ට පක්‍ෂපාති පිරිස යහපාලනය සඳහාවූ එක්සත් ජනතා පෙරමුණ සමඟ එක්වීමට අනුමැතිය ලබාදී මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඞව සිටියි.

පසුගිය ජනාධිපති මැතිවරණයදී ජන්ද ජිල්මාට් සිඳු නොවන්නේ නම් මෛත්‍රී ජයග්‍රහණය කිරීම කිසිවකුට මැඩපැවැත්විය නොහැකි බව පවසා තිබුණෙමි. එය එලෙසම සිඳුවිය.

ඉදිරියදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයදී ද යහපාලනය සඳහාවූ එක්සත් ජාතික නිදහස් සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ආසන 113කට වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමේ තත්වයක් උදාවී ඇත.

නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසු ශ්‍රේෂ්ඨ සිංහල මාධ්‍යවේදියකු සමඟ කථා බහ කළෙමි.. ඔහු පවසා සිටියේ, “ගුරු මහින්දට නාමයෝජනා ලබාදීමට පෙර එක්සත් ජාතික පක්‍ෂයට ආසන 90 – 100ක් විතර ලැබෙනු ඇතයි සිතුවෙමි. නමුත් ඉන් පසු නිකුත් කර ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැයිස්තුව බලන විට යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ අවම වශයෙන් ආසන 113ක් ලබාගනු ඇතයි විස්වාස කරන්නෙමි. හේතුව මහින්දගේ පරාජයට හේතු කාරණාවක්වූ පිරිසව නැවැත ලැයිස්තුවට එක්කරගෙන තිබේ. මෙය ජනතාවගේ කෝපය ඇතිකරයි“

දෙවනුව විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 60-70ක් ලබා ගැනීමටත්, තෙවන විපක්‍ෂය ලෙස දෙමළ ජාතික සන්ධානය ආසන 15ක්ද, ජනතා විමුකිත් පෙරමුණ ඇතුළු අනෙකුත් පක්‍ෂයන් ඉතුරු ආසන සංඛ්‍යාව ලබා ගැනීමේ අවස්ථාවක් දැක්නට ලැබේ.

දකුණේ දේශපාලන තත්වය මෙසේ තිබියදී උතුර නැගෙනහිර දේශපාලන තත්වය උඩු යටිකුරුවී තිබේ. මට නහය ගියත් විරුද්ධ පාක්‍ෂිකයාට අසුබ නිමිත්තක් යන තත්වයක් ඇතිවිය යුතු යැයි ඇතමුන් පෙළගැසී සිටීම දැකිය හැක.

විද්‍යාදරන් මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතාන්ත්‍රික සටන්කාමීන් ව්‍යාපාරය මෙයට කදිම උදාහරණයකි.

මැතිවරණයට දින කිහිපයකට පෙර ආරම්භ කළ පක්‍ෂයක්, ජනතා අතර ගොස් කිසිවක් නොකළ පක්‍ෂයක්, හදිසියෙන්ම දෙමළ ජාතික සන්ධානයෙන් ආසන, නාමයෝජනා ඉල්ලා සිටියි. නොලැබුණු විට තනිව තරඟ කිරීමට ඉදිරිපත්වී සිටියි.

ආචාර්‍ය ඇන්ටන් බාලසිංගම්ගේ සමීපතම මිතුරෙක්, මාධ්‍යවේදියෙක් යන සුදුසුකම් සමඟ හිටපු කොටි සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ විද්‍යාදරන් මහතා දේශපාලනයට ඇතුල්වී තිබේ.

ඔහුගේ කණ්ඩායමට පැහැදිළි දේශපාලන පක්‍ෂයක ස්ථාවරයක් නොමැති අතර එය ජනතාව අතර කටයුතු කර ද නැත. එහි දේශපාලන අරමුණ සහ වැඩ කටයුතු ගැන කිසිවකුට කිසිවක් දන්නේ නැත. මෙවැනි තත්වයකදී කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත්වී සිටින්නේ නම් එය දෙමළ ජනතාවගේ ජන්දය කැඩීමට උත්සහ කරන බවට අර්ථවේ. එපමණක් නොව හිටපු කොටි සාමාජිකයන් කෙරෙහි තිබෙන අනුකම්පාව පුද්ගලික යහපත උදෙසා තරැව් කරන භාණ්ඩයක් ලෙස පත්කර තිබේ.

හිටපු කොටි සාමාජිකයන් ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට පිවිසීම වරදක් නොවේ. ඔවුන්ට නායකත්වය ‍දෙන අය සහ ඔවුන්ද ජනතාව අතර ගොස් කටයුතු කර තම අරමුණ ඉලක්කයි කුමක්දැයි ජනතාවට පැහැදිළි කරදිය යුතුයි. ජනතාව ඔවුන්ව හඳුනා ගන්නේ එවිටය. ඔබගේ ජනතා සේවය අද තිබෙන පක්‍ෂයන් මෙන් නොව වෙනස් අයුරකින් තිබෙන්නේ නම් උතුර නැගෙනහිරදී ඔබලා දැවැන්ත බලවේගයක් බවට පත්වනු ඇත.

එලෙසෙ නොකර හදිසියෙන්ම අහසින් කඩා වැටී අපි පාර්ලිමෙන්තුවට යා යුතුයි, අපගේ හඞ එහි ඉදිරිපත් කළ යුතු යැයි ඉල්ලා සිටියේ නම් අද පවතින යථාර්තයට අනුව ඔබලාගේ හඞ දෙමළ ජනතාවට එරෙහි කුමන්ත්‍රණයක් බවට පත්වීමේ අවස්ථාවක් ද තිබේ.

තවද පැහැදිළි වැඩපිළිවලක්, ප්‍රතිපත්තියක්, ජනතා සහයෝගයක් නැතිව ඔබලා පරාජයට පත්වූ විට ඔබලා කෙරෙහි තිබෙන අනුකම්පාව ද තුරන්වී යනු ඇත. සැබවින්ට ජනතාව හා දෙමළ ජාතිකත්වයේ යහපත වෙනුවෙන් සටන් කිරීමට කැමැති නම් මැතිවරණය ඔබලාගේ පළමු අරමුණවිය නොහැක. ඇත්ත කියනවානම් අන්ටන් බාලසිංගම්ගේ මිතුරා ඔබලාව ඇපට තබා ඔට්ටුවක් ඇල්ලීමට තැත් කරයි… සහයෝගය එකමුතුකම සිංහල ජනතාව දැක හෝ ඉගෙන ගත යුතුයි…

(උපකාර ලිපිය – 01)

Tamil parties form alliance
[TamilNet, Wednesday, 17 October 2001, 20:37 GMT] The main opposition Tamil parties in Sri Lanka agreed Wednesday to form a Tamil nationalist alliance to contest the general elections on 5 December 2001. The agreement was reached late Wednesday night following protracted negotiations over the week. The Tamil United Liberation Front (TULF), the Tamil Eelam Liberation Organisation (TELO) and the All Ceylon Tamil Congress (ACTC) decided to cement the alliance by signing a memorandum of understanding on Friday.

Nominations for the 2001 elections begin on Friday, 20 October. Negotiations to forge a united Tamil front which began last week were stymied by ACTC’s insistence that it would go it alone in Jaffna.

The alliance was largely due the efforts of pressure groups in Colombo, Batticaloa and Trincomalee. Under the agreement reached today the TULF, TELO, ACTC and the EPRLF (Suresh faction) will contest in all the north and eastern parts of the island under the rising sun symbol.

A Tamil interest group in Colombo mediated to restart unity talks which broke down during the weekend when the ACTC said that it would contest under its own symbol (bicycle) in Jaffna.

The leader of the ACTC, Mr. Appathurai Vinayagamoorthy, refused to given in to pressure from interest groups from Colombo and the east that argued that unity was most needed in Jaffna to defeat the EPDP, a major coalition partner of President Chandrika Kumaratunga’s government.

(උපකාර ලිපිය 02)

“LTTE-TNA decide to work united”-Sampanthan
[TamilNet, Saturday, 13 April 2002, 18:47 GMT] “The Liberation Tigers of Tamil Eelam (LTTE) and the Tamil National Alliance (TNA) have accepted the need to work unitedly,”said Mr.R.Sampanthan, leader of the TNA parliamentary group Saturday evening in a statement on his return to Colombo from Vanni. Mr.Sampanthan told Tamilnet that the three and a half hour meeting with the LTTE leader was a historic event.

The statement issued by Mr.Sampanthan follows-

“The LTTE leader Mr.V.Pirapaharan met with the representatives of the Tamil National Alliance on Friday around 5 p.m. at Killinochchi.associated with Mr.Pirapaharan at the discussion were Messrs Anton Balasingham, (Political Advisor), S.P.Thamilchelvan (Political Head), Pottu Amman (Intelligence head), Karuna9 Amparai-Batticaloa military commander), Pathuman (Trincomalee area commander), Karikalan (Political Head of the Amparai-Batticaloa district) and Ruban (Trincomalee political head).

“TNA delegation comprised parliamentarians Mr.Sampanthan, V.Anandasangaree, Joseph Pararajasingham, Mavai Senathirajah, Appathurai Vinayagamoorthy, Raja Kuhaneswaran, K.Thangavadivel, G.Krishnapillai, Gajendrakumar Ponnambalam, N.Raviraj, Sivasakthi Anandan, A Chandra Nehru, M.K.Sivajilingam and the Secretary General of the EPRLF Mr. Suresh Premachandran.

Nadarajah Kuruparan – GLOBAL TAMIL NEWS –
පරිවර්ථනය – Jasmin