අවසන් යුද්දය පැවැති ප්‍රදේශවල තිබෙන බන්කර් සියල්ල වසා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

අවසන් යුද්දය පැවැති මාත්තලන්, අම්බලවන්පොක්කනයි, වලයිචර්මඩම්, සහ මුල්ලිවායිකාල් යන ප්‍රදේශවල පිහිටි බන්කර් වලවල් සියල්ල වසා සමතලා කර දෙන්නැයි ප්‍රදේශවාසීන් මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

යුද්දය පැවැති කාලයේ යුද වැදුණු පිරිස සහ සිය ආරක්‍ෂාව වෙනුවෙන් ජනතාව ද මෙම ප්‍රදේශයන් පුරා දහස් ගණනක බන්කර ඉදිකර තිබුණි. එයින් බන්කර් ගණනාවක් අදටත් වසා දමා නොමැතිව තිබෙන හෙයින් එම වලවල්වල වැසි ජලය පිරී ඩෙංගු වැනි මඳුරුවන් බෝවීමේ අවධානමක්ද පවතින බව ජනතාව පවසති.

විශාල පස් අමුණු නිසා ගොවිතැන් කටයුතු ද සිදු කිරීමට නොහැකි තත්වයක් පවතින බවත් මේ සම්බන්‍ධයෙන් ප්‍රාදේශිය ලේකම්, සහ දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති රැස්වීමවලදී පෙන්වාදුන් නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top