මුල්ලතිව් මුහුදු ප්‍රදේශයේදී ඉන්දිය ටෝලර් යාත‍්‍රා – නාවික හමුදාවට දැනුම් දුන් බව දිසාපතිවරිය පවසයි..

මුල්ලතිව් මුහුදු ප්‍රදේශයේදී ඉන්දිය ටෝලර් යාත‍්‍රා පැමිණ මසුන් අල්ලීම සම්බන්‍ධයෙන් මුල්ලතිව් දිස්ත්‍රික්ක ධීවර සම්මේලනයේ නායකයා විසින් තමන්ට තොරතුරු ලබාදී ඇති බව මුල්ලතිව් දිස්ත්‍රික්ක දිසාපතිනි රූපවති කේදීස්වරන් මහත්මිය පවසයි.

ධීවර සම්මේලනයේ නායකයා ලබාදුන් තොරතුරුවලට අනුව තමන් නාවික හමුදාව මේ සම්බන්‍ධයෙන් දැනුවත් කළ බව ද ඇය පවසා තිබේ.

මුල්ලතිව් මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතු වල නිරතවන ඉන්දිය ධීවරයන්ට එරෙහිව මෙරට ධීවරයන් විසින් විරෝධතා සහ සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙන අවස්ථාවක යළි ඉන්දිය ධීවරයන් ටොලර් යාත්‍රාවලින් පැමිණ ධීවර කටයුතුවල නිරතවන බැවින් එය මැඩපැවැත්වීම සඳහා රජය නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි මුල්ලතිව් ධීවර සම්මේලනය ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top