31 දෙනෙකු සමග මැලේසියාවේ සිට පිටත්වූ බෝට්ටුවක් අතුරුදහන්

මැලේසියාවේ සිට 31 දෙනෙකු සමග පිටත්වූ මගී බෝට්ටුවක් මැලේසියානු මුහුදු තීරයේදී අතුරුදහන් වී ඇති බව වාර්තාවේ. මඟින් 31 දෙනා අතර 28 දෙනෙකුම චීන සංචාරයකයන් බව පැවැසේ.

ඊයේ සෙනසුරාදා (ජන. 28) නැගෙනහිර මැලේසියාවේ ‘සභා’ ප්‍රාන්ත තොටුපොළෙන් පිටත් වීමෙන් අනතුරුව මගී බෝට්ටුව සහ වරාය අතර තිබූ සම්බන්ධතා ඇණහිටි බව මැලේසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැලේසියානු නාවික හමුදාව, පොලිස් යාත්‍රාවන් සහ ගුවන් යානයක් මඟින් අතුරුදහන් වූ බෝට්ටුව සොයා දියත් කළ මෙහෙයුම් අයහපත් කාලගුණය හේතුවෙන් අඩාළ වී ඇති බව මැලේසියානු වෙරළාරක්ෂක කාර්යාංශය සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top