SRILANKAN NEWS

උඩ පන්තිය අතින් පහළ පන්තිය අතට බලය ගන්න ඕනා – අනුර කුමාර

මේ රටේ ජනතාව කොපමන ධනය ඉපයූවත් අවසානයේ එම ධනය ගොඩගැසෙන්නේ එක් පන්තියක් අතේ බවත් ඒ පන්තිය මේ රට පාලනය කරන ඉහළම පන්තිය බවත් ඔවුන්ට රටේ ජනතාවට යහපත්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් දීමට, හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙතෙක් නොහැකි වී ඇති බවත් ඒකට ඇති එක උත්තරේ උඩ පන්තිය අතින් පහළ පන්තිය අතට බලය ගැනීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අනුර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 27වනදා සිට 30 දක්වා ක්‍රියාත්මක අනුරාධපුර දිස්ත්‍රික් මෙහෙයුම් සතියට සමගාමීව කලා වැව තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය පවත්වමිණි.

අපි මොනතරම් ධනය එක්රැස් කරගත්තත් වැඩක් නැහැ උඩ ඉන්න පන්තියක් ඒ ධනය පොදිබැඳගන්නවානම්. අන්න ඒ පන්තිය තමයි රට පාලනය කරන්නේ.

මේ අවුරුදු 69න් අවුරුදු 14ක් බොතලේ වලව්ව, අවුරුදු 27ක් බණ්ඩාරනායක වලව්ව, අවුරුදු 10ක් මැදමුලන වලව්ව, අවුරුදු 14ක් කොල්ලුපිටිය වලව්ව, ප්‍රේමදාස මහත්තයා වගේ එක්කෙන් ඔය අවුරුද්දක් දෙකක් රට පාලනය කරන්න ඇති. ඔච්චරයි.

එහෙනම් දැන් මොකද්ද මේකට තියෙන එකම උත්තරේ. උඩ පන්තිය අතින් පහළ පන්තිය අතට බලය ගන්න ඕනා.” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.